අපට වැදගත් කතා

සාර්ථකත්වයේ කතා

For a Better Tomorrow - Bimputh Finance

වඩා හොඳ හෙට දවසක්

හැමෝම පතන්නේ වඩා හොඳ හෙට දවසක්. හැමෝම මහන්සි වෙන්නෙ වඩා හොඳ හෙට දවසක් ගොඩ නගා ගන්නයි. හැමෝම උත්සා කරන්නේ තම දරුවන්ට, පවුලට, තම හෘදයාංගමිකයන්ට වඩා හොඳ හෙට දවසක් උදා කර දෙන්නයි. බිම්පුත් සමාගමේ ඇප කැප විම පාට පක්ෂ බේදයකින් තොරව සමස්ථ ශ්‍රී ලංකීය ජනතාවටමයි. අපගේ මුල්‍ය සේවාවන්ට බෙදිමක් නෑ සමාජ තත්වය සහ මුල්‍ය වටිනාකමේ ප්‍රමාණයට පමණක් තීරණ ගන්නේ නැහැ. මොකද අපේ පාට මනුෂ්‍යත්වයේ පාටයි, ඒකයි අපි වෙනස්.

For a Better Tomorrow

Everyone wishes for a better tomorrow. Everyone works had for a better tomorrow. Everyone’s wish is to bestow a better tomorrow upon their children, family and loved ones. Us at Bimputh Finance strive to provide a better tomorrow to all Sri Lankans equally with no discrimination. Our financial services are not discriminative, we don’t take decisions based on your social status and financial ability. Because we see humanity not class and we represent humanity not anything else. That’s why we are different!

ඇගේ සිහිනයෙන් එහා ගිය සාර්ථකත්වය

එම්.එල්.කේ.එච්. පෙරේරා මහත්මිය බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී හි මීගමුව ශාඛාවේ සීදූව මධ්‍යස්ථානයේ නායිකාවයි.

ඇගේ අයිස්ක්‍රීම් ව්‍යාපාරය පවත්වාගෙන යාමට තරම්වත් ප්‍රාග්ධනයක් නොමැති වීම නිසා ව්‍යාපාරය වසා දැමීමේ අරමුණින් සිටින මොහොතක ඇයට බිම්පුත් ම්යික්‍රෝ ෆිනෑන්ස් ගැන අසන්නට ලැබුණි. ඇය අපේ මධ්‍යස්ථානයකට පැමිණි අතර, ඇගේ ව්‍යාපාරය පිළිබඳව ඉතා සැලකිලිමත්ව විමසා බැලීමෙන් පසුව කණ්ඩායමට ඇයගේ ව්‍යාපාරය නැවත නගාසිටුවීමට හැකි බවට විශ්වාසයක් ඇති වූයේ, සාර්ථකත්වය උදෙසා අවශ්‍ය වූ කැපවීම, කැමැත්ත සහ ධනාත්මක ආකල්ප යනාදිය ඇය තුළින් ප්‍රදර්ශනය වූ බැවිනි.

පෙරේරා මහත්මියගේ ව්‍යාපාරය ඉතා ඉක්මණින් සහ මාස 14ක්වැනි කෙටි කාලයකදී වර්ධනය වූ අතර ණය මුදල් නැවත ගෙවිය යුතු කාලසීමාවටත් පෙර ගෙවා නිම කරමින් පළමු ණය පහසුකම් යෝජනා දෙකම නිමා කළ අතර මේ වන විට ඇය විසින් ණය පහසුකම් ලබාගෙන ඇත්තේ තෙවන වරටයි.

පෙරේරා මහත්මිය අද වන විට සේවිකාවන් 8 දෙනෙකුගෙන් සහ නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා වූ වාහන තුනකින් සමන්විත දියුණු අයිස්ක්‍රීම් ව්‍යාපාරයක හිමිකාරියකි.

බංකොලොත් වූ ඇගේ ව්‍යාපාරය මේ අයුරින් ඉතා වේගයෙන් දියුණුවෙතැයි ඇය කිසිදිනක නොසිතන්න ඇති. ඇගේ මේ සාර්ථකත්වය සඳහා බෙහෙවින්ම ඉවහල් වූයේ නිසි වේලාවේදී බිම්පුත් කණ්ඩායම විසින් ලබා දුන් මූල්‍ය සහය සහ තාක්ෂණික උපදේශයන්ය.

බිම්පුත් සමඟින් සෞභාග්‍යය කරා

මගේ නම එල්.එම්.ප්‍රියදර්ශනී, බිම්පුත් ෆිනෑන්ස් මීගමුව ශාඛාවට සම්බන්ධ මංගලාරාමය මධ්‍යස්ථානයේ සාමාජිකාවක්.

මම එදාවේල ජීවත්වෙන්න ගෙවල් අවට අයට ඇඳුම් මහලා සොච්චමක් හොයමින් ඉන්න කාලේ තමයි මට බිම්පුත් මයික්‍රෝ ෆිනෑන්ස් වැඩසටහන ගැන දැනගන්න ලැබුනේ. මාව ඉන්ටර්ව් කළ බිම්පුත් එකේ මහත්තුරුන්ට මට තේරුම් කරලා දෙන්න පුලුවන් වුණා මට වුවමනා කරන දේවල් ගන්න සල්ලි ලැබුනොත් මට මගේ ටේලරින් ව්‍යාපාරේ දියුණු කරගන්න පුලුවන් කියලා. මට මුලින්ම රු.25000හේ ලෝන් එක ලැබුණා. කිසිම කරදරයක් වුනේ නෑ. බිම්පුත් ෆිනෑන්ස් මයත්තුරු හොඳ දැනුමක් තියෙන හුඟක් මිත්‍රශීලී වගේම උදව් කරන අය.ඒ අයගේ උපදෙස් වගේම මග පෙන්වීමත් මේ ණයත් එක්ක අපට ලැබෙනවා.

ආපහු හැරිලා බලන්න දෙයක් තිබුනේ නැහැ.මගේ ව්‍යාපාරේ බලන් ඉන්දැද්දී දියුණු වුණා. මම දැන් රු.75000හේ තුන්වෙනි ලෝන් එකත් ගත්තේ මගේ මුල්ම ලෝන් දෙක, ඒ කියන්නේ 25000යි 50000හේ ලෝන් දෙකම කාලෙටත් කලින්ම ගෙවල ඉවර කරලයි. බිම්පුත් ආයතනය බොහොම පුංචි කාලෙකදී තව අසරණ කාන්තාවන් කීප දෙනෙක්ටම රස්සා දෙන්න පුලුවන් ගාමන්ට් බිස්නස් එකක අයිතිකාරයෙක් බවට මාව පත් කලා. අපි ජීවත් වුණු විදිය වගේම මගේ දරුවන්ගෙ අධ්‍යාපන කටයුතුත් දවසින් දවස දියුණු වුණා.

මගේ මේ දියුණුවට සම්පූර්ණයෙන්ම වග කියන්නේ හරි වෙලාවට වුවමනා කරන මූල්‍ය සහය දුන්නු බිම්පුත් ෆිනෑන්ස් වගේම අපට මගපෙන්වලා උපදෙස් ලබාදුන්නු බිම්පුත් ෆිනෑන්ස් නිලධාරී මහත්තුරුයි.

මිහිරිට නව නිවසක්

අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැහුම් උපදේශිකාවක හා මැහුම් ශිල්පිණියක් වන මිහිරි ශානික පෙරේරා මහත්මිය, බිම්පුත් වෙත සිය කෘතවේදී ස්තූතිය පුද කරන්නේ වර්ථමානයේදී ඇය ලබා ඇති දියුණුව සඳහා ලබා දුන් සහය වෙනුවෙනි.

රු.25000ක පළමු ණය පහසුකම ඇය නිවැරදිව ආයෝජනය කරමින් කෙටි කාලයක් තුළ ඔවර්ලොක් මැෂිමක හා තවත් මහන මැෂින් කිහිපයක අයිතිකාරියක බවට පත් වූවාය.

මීට අමතරව මිහිරී බිම්පුත් “පූර්ණ නිවාසි” ණය පහසුකමද ලබා ගත් අතර ඇගේ නිවසේ ඉදිකිරිම් කටයුතු ද නිම කර ගත්තාය.“පූර්ණ නිවාසි” ණය යෝජනා ක්‍රමය තුළින් මූල්‍ය පහසුකම් පමණක් නොව තාක්ෂණික උපදෙස් ලබා දීම ද සිදු කරයි.

නව නිවස මනාව සකස් කළ ගෙවත්තකින් ද සමන්විත වන අතර මිහිරි වර්තමානයේ දිවි ගෙවන්නේ දිවියාගල පාරේ දෙවෙනි පාලම අසලය.

Subscribe to our Newsletter

 

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න