අප ගැන

අපි කවුරුන්ද?

2007 දී පිහිටුවන ලද අප ආයතනය බැංකු නොවන ආයතනයක් වශයෙන් මහ බැංකුවේ ලියපදිංචි වුවකි. අපගේ ප්‍රධානම අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ඔවුන්ටම සුවිශේෂී වූ අවශ්‍යතාවයන් තෘප්තිමත් කර ගැනීමට අවශ්‍ය වන්නාවූ මූල්‍ය සේවවන් සැපයීමයි. අප සේවවන් ආවරනය කරන අංශ අතර කෘෂිකාර්මය, සමගම් සහ පුද්ගල ණය, ලීසිං පහසුකම්, කුලී මිලදි ගැනීම්, උකස් සේවා ආදිය වේ. අප ආයතනය , 2011 මූල්‍ය ව්‍යාපාර පනත් අංක 41 යටතේ ශ්‍රී ලංකා මහ බැන්කුවේ මූල්‍ය මණ්ඩලයේ බලපත්‍රලාභී ආයතනයකි. එසේම අප සමාගම 2021 වසරේ සිට කොළඹ කොටස් වෙළඳ පොළේ ලැයිස්තුගත සමගමක් ද වෙයි. වර්තමනය වන විට ශ්‍රී ලංකාව පුරා විසිරුණු ශාඛා 19ක් සහ සේවා සැපයුම් මධ්‍යස්ථාන 31 ක් සමඟින් 150,000ක් ඉක්මවූ පාරිභෝගිකයන් සංඛ්‍යාවකට අපි උරුමකම් කියන්නෙමු.

For A Better Tomorrow

වඩා හොඳ හෙට දවසක්

சிறப்பான நாளைய தினத்திற்காக

අපගේ දැක්ම

බැංකු නොවන මූල්‍ය සේවා කර්මාන්තය තුළ ප්‍රමුඛයා බවට පත් වීමයි.

 

අපේ මෙහෙවර

ශ්‍රී ලංකවේ දුගී බව තුරන් කිරීම සඳහා නවතම සේවා සම්මිශ්‍රණයන් ඔස්සේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරයන්හි මූල්‍ය අවශ්‍යතා තෘප්තිමත් කරමින් අපගේ සේවක ප්‍රජාව සවිබල ගැන්වීම, දේශීය ප්‍රජාවට සහය ලබා දීම සහ කොටස් හිමිකරුවන්ගේ අගය නිර්මාණය කිරීමයී.

අපගේ අරමුණ

ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ජාත්‍යන්තර මට්ටමේ සේවවන් පිරිනමමින් ශ්‍රී ලාංකේය ආර්ථිකය නගාසිටුවීමයි.

අපේ ප්‍රමුඛ අගනාකම්

සැපයීම

විශිෂ්ට සේවාවක්

හිමිකාරිත්වය ලබාගැනීම

සියල්ලෙහිම

කැපවීම

අඛණ්ඩ සංවර්ධනයක් උදෙසා

වැළඳගැනීම

නිර්මාණශීලීත්වය හා නව සොයාගැනීම්

පිළිගැනීම

නායකත්වය හා කැපවී වැඩ කිරීම

ධෛර්යමත්වීම

ආරම්භයේ සිට අවසානය දක්වා

ගොඩනැගීම

ධනාත්මක කණ්ඩායම් පරිසරයක්

අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය

සුදත් ජයසුන්දර
විධායක නොවන සභාපති
    සුදත් ජයසුන්දර මහතා නීතිඥයෙකු වන අතර 2013 වසරේ පෙබරවාරි 13 වන නම් බිම්පුත් හා සම්බන්ධ විය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරීයෙකු වන ඒ මහතා ජාත්‍යන්තර අධ්‍යනයන් සඳහා වන බණ්ඩාරනායක මද්‍යස්ථානයෙන් ජත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමවකටද හිමිකම් කියයි. එසේම ඒ මහතා මාතර හරිස්චන්ද්‍ර මිල්ස්, බොගවන්තලාව ප්ලාන්ටේෂන්ස්, මෙට්‍රොපොලිටන් රිසෝසර්ස් යන පුද්ගලික සමගම්වල සහ සිතාරා ලිමිටඩ්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.
    චමින්ද්‍ර ගමගේ
    විධායක උප සභාපති

      චමින්ද්‍ර ගමගේ මහතා අධ්‍යක්ෂ මණ්ඩලය හා සම්බන්ධ වූයේ 2013 මාර්තු 8 වනදා ය. ඒ මහතා ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ඇන්ඩ් පොලිටිකල් සයන්ස් විද්‍යාලයෙන් ගණකාධිකරණය සහ මූල්‍ය සඳහා ශාස්ත්‍රපති උපාධිය සහ ආර්ථික විද්‍යාව සඳහා ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය යන ද්විත්ව උපාධි හිමි කරගත් අයෙකි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සමජිකයෙකු වීමට පෙර චමින්ද මහතා 2011 වසරේ අප්‍රේල් මාසයේ සිට සමාගමේ වෙළඳ සහ ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් කටයුතු කළේය. බිම්පුත් ෆිනෑන්ස් හා සම්බන්ධ වීමට පෙර චමින්ද මහතා මාස් කැපිටල් සහ සම්පත් චින්කාරා සිකුරිටි ආදී සමගම් රැසක කටයුතු කොට ඇත. වර්තමානයේ හෙතෙම දයා සමූහ ව්‍යාපාරයේ උප සමගම් කිහිපයක අධ්‍යක්ෂ ධූරයන් ද හොබවයි.

      මංජරී ගමගේ
      ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ

        මංජරී ගමගේ මිය ඩූර්හැම් විශ්වවිද්‍යාලයේ ආරිථික විද්‍යාව සඳහා ශාස්ත්‍රවේදී උපධිධාරිනියකි. තවද ඇය ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විද්‍යාලයෙන් කළමනාකරණ සහ මානව සම්පත් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකටද හිමිකම් කියයි. එසේම ඇය මානව සංවර්ධන පිළිබඳ වරලත් ආයත්නයේ සාමාජිකාවකද වෙයි.

        මංජරී මිය, වොට්සන් විලිස් ටවර්ස්හි ලෝක රක්ෂණ සහ මානව ප්‍රාග්ධන උපදේශන මණ්ඩලයේද සේවය කොට ඇති අතර මෙරට ප්‍රමුඛ ආයතනයන් වන දයා සමූහ ව්‍යාපරය සහ මාස් හෝල්ඩින්ග්ස් ආදී ආයතනයන් හා සම්බන්ධවී කටයුතු කර පළපුරුදු ඇති අයෙකි. වර්තමනයේ ඇය බ්ලූ ඩයමන්ඩ් වර්ල්වයිඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ ධූරය හොබවයි.

        අශෝක හේමචන්ද්‍ර
        විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂ

          අශෝක හේමචන්ද්‍ර මහතා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු බවට පත්වූයේ 2010 නොවැම්බර් 12 වනදා ය. එම්.වයි. හේමචන්ද්‍ර සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වශයෙන් ඒ මහතා වසර 35 කට අධික කාලයක ව්‍යාපාරික අත්දැකීම්වලින් හෙබි අයෙකි. එසේම ඔහු දයා සමූහ ව්‍යාපාරය යටතේ වන සමාගම් කිහිපයකම අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ද කටයුතු කරයි.

          සුදර්ශන පියතිලක
          ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

            කාරියවසම් පතිරගේ චන්ද්‍රසෝම සුදර්ශන පියතිලක මහතා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 25 කට අධික පෘථුල කළමනාකරණ අත්දැකීම් සම්භාරයකට උරුමකම් කියයි.

            ප්‍රමුඛ ජාත්‍යන්තර බැංකුවක් වන ඉන්දියන් ඕවර්සීස් බැංකුවේ සේවය කරමින් ආනයන/අපනයන, විදේශ මුදල් හුවමාරුව, අරමුදල් කළමනාකරණය, පර්යේෂණ, මානව සම්පත් සහ පරිපාලන, මෙහෙයුම්, පාරිභෝගික සබඳතා, ණයවර ආදී වාණිජ බැංකුකරණයේ සියලු අංශ ආවරණය කරමින් අත්දැකීම් සම්භාරයකට උරුමකම් කීමට පියතිලක මහතා සමත් විය.

            2010 වසරේදී බිම්පුත් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ද ඒ මහතා කටයුතු කළේය.

            පියතිලක මහතා පුදිගලික අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් ව්‍යවසායකයන්, මූල්‍ය හා බැංකු, ප්‍රාදේශීක සහ ආනයන අපනයන ආදී අංශයන්හි බැංකු හා ආයොජන උපදේශකයෙකු වශයෙන් ද කටයුතු කරයි.

            ලන්ඩනයේ දත්‍ත පිරිසැක කළමනාකරණ ආයතනයෙන් :ෂෘජඑ- වෘත්තීය ප්‍රවීණතාවය ද කොළඹ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනයෙන් පරිඝණක පද්ධතිය නිර්මාණය සඳහා වන …. ඩිප්ලෝමාවද ඔහු විසින් හිමිකරගෙන ඇත.

            මහතා පුද්ගලික අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් ව්‍යවසායකයන්, මූල්‍ය හා බැංකු, ප්‍රාදේශීක සහ ආනයන අපනයන ආදී අංශයන්හි බැංකු හා ආයෝජන උපදේශකයෙකු වශයෙන් ද කටයුතු කරයි. තවද ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් අංශ සුදුසුකම්ද ලබාගෙන ඇත.

            ශිරාණි ගොඩමුනේ
            ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

              නවීන තාක්ෂණය පිලිබඳ ආතර් සී ක්ලාක් මධ්‍ය්‍ස්ථානයේ මූල්‍ය පාලක වශයෙන් කටයුතු කල ගොඩමුනේ මහත්මිය 2013 අප්‍රේල් 1 දා බිම්පුත් හා එක් වුවාය ඇය අප්‍රේල් 1 දා සමාගමේ අධ්‍යක්ෂිකාවක ලෙස එක් වුවද ඇයගේ පත්වීම ශ්‍රී ලංක මහ බැංකුව විසින් නිර්මාණය කරන ලද්දේ 2013 මාර්තු 25 වනදා ය. ඇය එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගෙ ආයතනයේ ආශ්‍රිත සාමාජිකාවකි. ඇය ආතරි සී ක්ලක් මද්‍යස්ථානය ස්ථානය හා සම්බන්ධ වීමට පෙර 1998 සිට ශ්‍රී ලංකා ගුවන් තොටුපොල සහ ගුවන් සේවවේ මූල්‍ය සාමාන්‍යාධිකරී ලෙස සහ ශ්‍රීලංකා ඉඩම් සංස්කරන හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරි ලෙසත් කටයුතු කළාය. ඇය මූල්‍ය හා මෙහෙයුම් ක්ෂේත්‍රයේ වසර 37ක අත්දැකීම්වල හිමිකාරිණියකි.

              Our Senior Management

              ගිහාන් එස්. වික්‍රමසිංහ
              ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ව්‍යාපාර සංවර්ධන
                කැළුම් වීරතුංග
                ජ්‍යෙෂ්ඨ කළමනාකරු - පරිපාලන සහ ව්‍යාපාර සංවර්ධන සහ ප්‍රතිසාධන
                  එම්. එන්. එච්. නෂ්වක්
                  ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරි
                    රොමේෂ් ක්‍රිස්ටි
                    ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මෙහෙයුම්
                      කෂ්මි කපුවැල්ල
                      ආයතන ලේකම් /නීති ප්‍රධානී
                        දර්ශන විජේසිංහ
                        මෙහෙයුම් හා පරිපාලන ප්‍රධානි
                          ධනුෂ්ක අතුලතේජ
                          ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මෙහෙයුම්
                            කසුන් චාමික
                            ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මෙහෙයුම්

                              සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න